2024 මේ දක්වා කාලය තුළ සංචාරකයින් පැමිණිම ලක්ෂ 19 ඉක්මවයි
මෙරට සංචාරක ක්ෂේත්‍රය සීඝ්‍ර වර්ධනයක් අත්කරගනිමින් සිටිනවා.
දේශපාලන ස්ථාවරත්වය, ආර්ථිකය ශක්තිමත් වීම මෙන්ම, ආරක්ෂිත රටක් ලෙස පවතින පිළිගැනීම ඉහළ යාම මෙම වර්ධනයට හේතුවී තිබෙනවා.
ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ගොස් ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකාව දකුණු ආසියා කලාපයේ ගෝලීය සැපයුම් කේන්ද්‍රස්ථානයක් මෙන්ම දූපතක් වීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ ආකර්ෂණයක් දිනා ගැනීමට හැකිවී තිබෙනවා.
ඒ අනුව 2024 මේ දක්වා කාලය තුළ සංචාරකයින් දහ නව ලක්ෂ එක්දහස් නවසිය අසූඅට දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි සංචාරක වාර්තා තහවුරු කරන්නේ.
ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව තුන්ලක්ෂ අසූතුන්දහස් දෙසිය හැට හත ඉක්මවනවා. දෙවනුව වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව එක්ලක්ෂ අසූදහස් හාරසිය දාහතරක්. එක්සත් රාජධානියෙන්ද එක්ලක්ෂ හැටහය දහස් නවසිය අනූනව දෙනෙකුට වැඩි සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.
මෙම වසරේ නොවැම්බර් මාසයේ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ අසූහතර දහස් එකසිය පනස් අටක්.
එමෙන්ම දෙසැම්බර් පළමුවනදා සිට 15 වනදා දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව අනූහත් දහස් එකසිය පහළවක්.
සංචාරකයින් මෙරටට පැමිණීම ක්‍රමිකව ඉහළ ගොස් ඇති බවටයි වාර්තා තහවුරු කරන්නේ. සංචාරකයින් මෙරටට පැමිණීම ලක්ෂ 40 දක්වා ඉහළ නැංවීම වෙනුවෙන් රජයද විශේෂ වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙනවා.