ප්‍රථම අවු.19න් පහළ ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය ඉන්දියාවට

0
පළමු අවු.19න් පහළ ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය ඉන්දියාවට

පළමු අවු.19න් පහළ ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය ඉන්දියාවට

ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමුවරට සංවිධානය කරනු ලැබූ වයස 19න් පහළ ආසියානු කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (22) සමත් වුණා.

‍ඒ, අවසන් මහා තරගයේදී බංගලාදේශ කණ්ඩායම ලකුණු 41කින් පරාජයට පත් කරමින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 117ක්. එහිදී ගොන්ගාඩි ත්‍රිෂා ලකුණු 52ක් ලබාගත්තා.

පන්දුයැවීමේදී ෆර්ජානා ඉසමින් කඩුලු 04ක් දවාගැනීමට සමත් වූණා.

ජයග්‍රහණය සඳහා ලකුණු 118ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායමට පන්දුවාර 18.3ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 76ක් පමණයි. එහිදී ජයිරියා ෆෙඩ්රූස් ලකුණු 22ක් රැස්කරගත්තා. පන්දුයැවීමේදී ආයුෂි ශකුල් කඩුලු 03ක් දවාගත්තා.

තරගය පැවැත්වුණේ, මැලේසියාවේ ක්වාලා ලම්පූර්වලදීයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com