ගත වූ දින 10 තුළ වී කිලෝ කෝටියක් වෙළඳපොළට

0
සහල් ආනයන කාල සීමාව දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නෑ

සහල් ආනයන කාල සීමාව දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නෑ

ගත වූ දින 10 තුළ වී කිලෝ කෝටියකට ආසන්න ප්‍රමාණයක් සහල් බවට පත් කර මෙරට වී මෝල්වලින් වෙළඳපොළට නිකුත් කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපාකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියා සිටියි.

අමාත්‍යවරයා පැවසුවේ ජනවාරි 15 වැනිදාට පෙර ආනයනික සහල් මෙරටට ගෙන්වීමට බලාපොරෙත්තු වන බවයි.

රජයේ සංඛ්‍යා දත්තවලට අනුව සහල් මෙට්‍රික් ටොන් 70,000 ක පමණ හිඟයක් පැවතිය ද මෙරටට සහල් ආනයනය කිරීම තුළින් එම හිඟය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපාකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර පසුගිය 04 වැනිදා සිට 21 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ දිවයිනට සහල් මෙට්‍රික් ටොන් 67,000 ක් ලැබී තිබේ. ඒ අනුව එම සහල් තොගයට ආනයන බදු ලෙස රුපියල් බිලියන හතරයි දශම තුනක පමණ මුදලක් අය කරගෙන ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com