ෆිච් රේටින් සමාගම(Fitch Ratings) ශ්‍රී ලංකාව ‘CCC+’ දක්වා උසස් කරයි
නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් සහිත රටවල් දැඩි මූල්‍ය හා ආර්ථික අර්බුදයකට - ෆිච් රේටින්ග්ස්
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම(Fitch Ratings) පවසයි.
ඒ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC සෘණ මට්ටමේ සිට CCC ධන මට්ටම දක්වා අදාළ උසස් වීම ලබාදී ඇති බව සඳහන්ය.
මේ හේතුවෙන් අදාළ සමාගම විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක් ප්‍රකාශයට පත්කර ඇත.
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම සහ සාර්ව ආර්ථික දර්ශක සඳහා වැඩිදියුණු වූ ඉදිරි දැක්මක් සඳහන් කරමින් ශ්‍රී ලංකාව මෙලෙස උසස් කර ඇත.
ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාර්ථකත්වය වැඩි දියුණුකළ සාර්ව ආරිථික දර්ශක සහ දේශීය මුදල් පැහැරහැරීමේ අවධානම අඩුකිරීම මෙමගින් පිළිඹිබු කරන බව ෆිච් රේටින් සමාගම පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් සහ තාවකාලික අත්තිකාරම් නව භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් බවට හුවමාරු කර ගැනීමෙන් පසුව, ශ්‍රී ලංකාව 2023 සැප්තැම්බර් මාසයේදී සිය දේශීය ණය ප්‍රශස්තකරණයේ දේශීය මුදල් කොටස සම්පූර්ණ කළේය.




