අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු දෙදෙනෙක්ට වරෙන්තු

0
අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු දෙදෙනෙක්ට වරෙන්තු

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු දෙදෙනෙක්ට වරෙන්තු

2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර සම්බන්ධ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වූ අජාන් ගාර්දිය පුංචි හේවා යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

අදාල පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සැකකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර අධිකරණය විසින් නොතිසි නිකුත් කර තිබුණි.

එහෙත් පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී එම විත්තිකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කිරීමට නියම කෙරුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් හය දෙනෙකුට එරෙහිව අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ. ඉන් අනතුරුව පැමිණිල්ල යළි ලබන ජුනි මස 12 වැනිදා කැඳවීමටද නියම විය.

එදින මෙහි සැකකරුවකු වශයෙන් නම්කර සිටින මේ වනවිට සිර දඬුවම් විඳින අර්ජුන් ඇලෝසියස් මහතා ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com