දේශීය පුවත් සාමාන්‍ය පෙළ විභාගය 2025 මාර්තු මස Editor3 December 18, 2024 0 ප්‍රතිලාභ බැර කිරීමට බැංකු ගිණුමක් නොමැති අස්වැසුම ප්‍රතිලාභීන්ට බැංකු ගිණුමක් විවෘත කරන්නැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි. එම මණ්ඩලය සඳහන් කළේ, අස්වැසුම පළමු අදියරේදී සුදුසුකම් ලැබූ 6,000කට ආසන්න පිරිසක් බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභ නොලබන බවයි. ජාතික හැඳුනුම්පත නොමැතිවීම හේතුවෙන්, බැංකු ගිණුම් විවෘත කිරිමට නොහැකි පිරිස් ඒ අතර සිටින බව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පෙන්වා දෙයි. ජාතික හැඳුනුම්පත නොමැති වුව ද බැංකු ගිණුම් විවෘත කිරිමට අවස්ථාව සලසා ඇති බවත්, එහිදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කර ඇති බවත්, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ය. ඒ අනුව බැංකු ගිණුම් නොමැති අස්වැසුම ප්‍රතිලාභින් ලබන 27 වැනිදාට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා දෙන ලිපිය ලබා ගෙන , බැංකු ගිණුම් විවෘත කළ යුතු බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩල දැනුම් දෙයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 17 වැනිදා සිට මාර්තු 26 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව අද දින (18) පස්වරුවේ ඒ බව නිවේදනය කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්Next PayE Tax ගෙවන සීමාව වැඩි කිරීමට IMF එකඟ වෙයි – ජනාධිපති අනුර කුමාර දිසානායක More Stories දේශීය පුවත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතීන් ජනගත කරයි Editor3 January 18, 2025 0 දේශීය පුවත් Clean Sri Lanka වැඩසටහනට සමගාමීව “නොපෙනෙන ත්‍රස්තවාදය”ට එරෙහිව පොලීසියේ මෙහෙයුම Editor3 January 18, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික පළමු සති දෙකේදි සංචාරකයින් 112,000ක් Editor3 January 18, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ