දූෂණ චෝදනාවක් මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකුට අධිචෝදනා

0
දූෂණ චෝදනාවක් මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකුට අධිචෝදනා

දූෂණ චෝදනාවක් මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකුට අධිචෝදනා

2015 වසරේ ශල්‍යාගාර ලාම්පු 35ක් මිලදී ගැනීමේදී රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයට අනුයුක්තව සිටි ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකුට එරෙහිව අද දින (17) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙනු ලැබීය.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ එම අධිචෝදනා පත්‍ර අද දිනයේ (17) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ භාරදීම සිදුකළේය. ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියෝග කළේය.

නඩු විභාගය අවසන් වනතුරු විත්තිකරුට විදේශගත වීම තහනම් කළ අධිකරණය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවත් නියෝග කළේය. ඊට අමතරව සෑම මසකම අවසන් ඉරු දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බවටත් විත්තිකරුට තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබීය.

ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ ජනවාරි මස 30වනදා කැඳවීමටද නියම වුණි.

2015 වසරේ අප්‍රේල් මස 07 වනදා සහ 2016 වසරේ ජූලි මස 15 වනදා අතර කාලසීමාව තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයේ ජීව වෛද්‍ය ඉංජිනේරුවකු වශයෙන් සේවය කරමින් සමාගමක ශල්‍යාගාර ලාම්පු 35ක් මිලදී ගැනීම සඳහා අනුමත කිරීම තුළින් රජයට පාඩුවක් සිදුකොට “දූෂණය” නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත යටතේ මෙම විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබේ.

එම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 32 දෙනෙකු නම් කර තිබෙන අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 16ක්ද ඉදිරිපත් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com