රටවිරු දූ දරු ශිෂ්‍යත්ව අයදුම් කිරීමට ලබා දුන් කාලය ලබන 31න් අවසන්
2024 වර්ෂයට අදාළව රටවිරු දූ දරු ශිෂ්‍යත්ව අයදුම් කිරීමට ලබා දුන් කාලය ලබන 31න් අවසන් වීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඒ අනුව මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම පිළිබඳ පාසල් මට්ටමින් විගමණික ලාංකිකයින්ගේ දරුවන් දැනුවත් කිරීමට විදුහල්පතිවරුන්ගේ අවධානය මේ සඳහා යොමු කරන ලෙසයි එම කාර්යාංශය ඉල්ලා සිටින්නේ.
මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව රැකියා සඳහා විදේශගතව සිටින ලාංකික දෙමව්පියන්ගේ දරුවන් සදහායි.
එම ශිෂ්‍යත්වයන් කාණ්ඩ තුනක් යටතේ පිරිනමනු ලබන අතර ඒ අනුව මුදලින් රුපියල් 25,000ක් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ටත්, රුපියල් 30,000ක් සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන්ටත් හා රුපියල් 40,000ක් උසස් පෙළ විභාගය සමත් විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ හෝ වෙනත් පාඨමාලා සහ කාර්මික විද්‍යාල සඳහා සුදුසුකම් ලබා ඇති දරුවන්ට පිරිනමනු ලබනවා.
මේ සදහා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) අයදුම් කළ හැකි අතර ඒ සඳහා සුදුසුකම් ඇති දරුවන් www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස අයදුම් කළ හැකියි.
මේ පිළිබද වැඩිදුර විස්තර 011 2365471 යන දුරකථන මාර්ගය ඔස්සේ හෝ www.slbfe.lk යන කාර්යාංශ වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි වනවා.