හිමාලි අරුණතිලකට ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී ඩොලර් 100,000ට අධික දඩයක්

0
හිමාලි අරුණතිලකට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී ඩොලර් 1,00,000ට අධික දඩයක්

හිමාලි අරුණතිලකට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී ඩොලර් 1,00,000ට අධික දඩයක්

මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණියක් වන හිමාලි අරුණතිලක හට ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී ඩොලර් ලක්ෂයකට අධික දඩයක් නියම කර තිබෙනවා.

ඒ ඇයගේ ගෘහ සේවිකාවක් වූ ප්‍රියංකා ධනරත්න යන අයට අයුතු ලෙස සැලකීමේ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් නියෝජ්‍ය මහ කොමසාරිස්වරියට ඩොලර් 117,028.80ක දඩයක් ෆෙඩරල් අධිකරණය විසින් නියම කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලාංකිකයෙකු වන අදාළ සේවිකාව, 2016 සිට 2018 දක්වා ඇයගේ කැන්බරා නිවසේ සේවය කර ඇති අතර, හිමාලි අරුණතිලක විසින් සිය සේවිකාවට නිසි ලෙස වැටුප් ගෙවා නොමැති බැවින් අධිකරණය නියම කර ඇත්තේ දින 60ක් ඇතුළත අදාළ දඩ මුදල ගෙවන ලෙසයි.

ඊට අමතරව ප්‍රියංකා ධනරත්න යන අයට ඩොලර් 374,151.90ක වන්දියක් ගෙවීමටද මීට පෙර හිමාලි අරුණතිලකට නියෝග කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com