පළා ගිය ජනාධිපති බෂාර් මොස්කව් අගනුවරයේ

0
පළා ගිය ජනාධිපති බෂාර් මොස්කව් අගනුවරයේ

පළා ගිය ජනාධිපති බෂාර් මොස්කව් අගනුවරයේ

සිරියාවෙන් පළා ගිය ජනාධිපති බෂාර් අල් අසාද් රුසියාවේ මොස්කව් අගනුවර රැඳී සිටින බව වාර්තා වනවා.

රුසියාව ඔහුට සරණාගතභාවය ලබා දෙනු ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාද් ඩමස්කස් අගනුවරින් පලා ගියේ ඊයේ (08) දිනයේදීයි. ඒ මෙම සති අන්තයේ කැරලිකාර කණ්ඩායම අගනුවර බලය අත්පත් කර ගැනීමත් සමගයි.

රුසියාව අසාද් රජයේ ප්‍රධාන මිතුරෙකු වන අතර ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ පවුලේ අයටද සරණාගතභාවය ලැබෙනු ඇතැයි වාර්තා වන අතර පළා යාමත් සමග සිරියා කැරලිකරුවන් බෂාර් අල් අසාද්ගේ නිවස කොල්ලකන අයුරු මාධ්‍ය මගින් විකාශය කර තිබේ.

ඩමස්කස් නගරයෙන් තවදුරටත් පිපිරීම් වාර්තා වන අතර ඊශ්‍රායලය නගරයේ ඉලක්ක වෙත පහර දී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com