නාවික හමුදාවේ 74වන සංවත්සරය නිමිත්තෙන් නිලධාරීන් 2,138කට උසස් වීම්

මෙරට මුහුදු සීමාව තුළ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදු කිරීමේ පූර්ණ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74වන සංවත්සරය අද දිනයේ (09) අභිමානවත්ව සමරනු ලබනවා.
ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ නිර්දේශය මත විවිධ තනතුරුවලට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2,138 දෙනෙකු අද (09) දින සිට ඔවුන්ගේ ඊළඟ තනතුරු සඳහා උසස් කර ඇති බව සඳහන්.
ඒ අනුව, සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 158ක්ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයින් 279ක්ද, නායක නැවි තරාතිරම දක්වා නාවිකයින් 406ක්ද, සුළු නිලධාරී තරාතිරම දක්වා නාවිකයින් 391ක්ද, ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 539ක්ද, සමූහ ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 354ක් සහ පාලක ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 11ක්ද වශයෙන් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2,138ක් ඊළඟ තරාතිරම දක්වා උසස් කර තිබෙනවා.