චීනයේ තවත් සංස්කෘතික උරුම 3ක් යුනෙස්කෝ අස්පෘශ්‍ය සංස්කෘතික උරුම ලැයිස්තුවට
යුනෙස්කෝ සංවිධානයේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමේ කමිටුව පසුගියදා චීනයේ තවත් සංස්කෘතික උරුම තුනක්, සිය ලැයිස්තුවට එක් කිරීමට තීරණය කර තිබෙනවා.
‘Li ජාතිකයන්ගේ සාම්ප්‍රදායික නූල් ගෙතීම, රෙදි වර්ණගැන්වීම හා එම්බ්‍රොයිඩර් නිර්මාණ කලාව’, ‘Qiang ජාතිකයන්ගේ සාම්ප්‍රදායික අලුත් අවුරුදු උත්සවය’,‘චීන සාම්ප්‍රදායික ලී ආරුක්කු පාලම ඉදිකිරීමේ කුසලතා’යන අස්පෘශ්‍ය සංස්කෘතික උරුම ඊට ඇතුළත්.
2009 වසරේ යුනෙස්කෝ සංවිධානයේ හදිසි ආරක්ෂක අවශ්‍යතා ලැයිස්තුවට ඇතුළත් කෙරුණු එම සංස්කෘතිකාංග තුන, එහි සැළකිය යුතු ආරක්ෂක ප්‍රතිඵලය හා අඛණ්ඩ පවත්වාගෙන යාමේ හැකියාව වැඩිදියුණු කර ඇති බැවින්, මානව වර්ගයාගේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුම ලැයිස්තුවට මාරු කිරීමට එම කමිටුව තීරණය කර තිබෙනවා.
මේ වන විට චීනයේ සංස්කෘතික උරුම 44ක් යුනෙස්කෝව විසින් අස්පෘශ්‍ය සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර සමස්ත සංඛ්‍යාව අනුව එය ලොව පළමු ස්ථානය හිමි කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.