රු. ලක්ෂ 75ක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් රේගු භාරයට

0
රු. ලක්ෂ 75ක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් රේගු භාරයට

රු. ලක්ෂ 75ක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් රේගු භාරයට

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.

මෙම තොගය රැගෙනවිත් ඇත්තේ නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු සිය බිරිඳ සහ ඔවුන්ගේ ළමුන් දෙදෙනා සමග කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් ඊයේ දින (06)පස්වරු 04.35ට ඩුබායි සිට, ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 549 දරන ගුවන් යානයෙන් මෙලෙස පැමිණ ඇති බව වාර්තා වේ.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 08ක් තුළ, විවිධ ස්ථානවල කුඩා පාර්සල් ලෙස මෙම චීනයේ නිෂ්පාදිත විද්‍යුත් දුම්වැටි 740ක් සහ ”බෙන්සන් ඇන්ඩ් හෙජස්” වර්ගයේ දුම්වැටි 780ක්ද, සඟවා තිබියදී, සොයා ගෙන තිබේ.

තමන් වෙත ලැබී තිබූ ඇනවුම් මත මෙම දුම්වැටි තොගය මෙරටට රැගෙන ඒමට කටයුතු කළ බව මෙම ව්‍යාපාරිකයා රේගු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

මොහු අත් අඩංගුවේ තබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බව රේගු නිලධාරීන් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com