පාසල් නිල ඇඳුමේ රෙදි වෙනුවට මෙවර මැසූ ඇඳුමක්
පාසල් දරුවන්ට නිල ඇදුම් සඳහා ලබාදෙන රෙදි වෙනුවට එම ඇදුම මසා ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.
මෙම වැඩපිළිවෙළ වඩාත් ඵලදායී කිරීම සඳහා අදාළ තීරණය ගත් බවයි අත් යන්ත්‍ර ජාතික කර්මාන්ත සම්මාන උළෙල සහ ප්‍රදර්ශනයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.
රන්සළු ලෙසයි මෙම ප්‍රදර්ශනය නම් කර තිබුණේ.
පළාත් මට්ටමින් අයිතම 23ක් යටතේ මෙම සම්මාන ප්‍රදානය කෙරුණා.
මංගල සාරි, වර්ණසාරි, සැහැල්ලු සාරි, බිත්තිසැරසිලි, ඇද ඇතිරිලි සහ තිර රෙදි ආදියෙහි විශේෂ නිර්මාණ වෙනුවෙන් මෙහිදී සම්මාන ප්‍රධාන කෙරුණා.
අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සහ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.