චීන සමාගම් 100කට අධික ප්‍රමාණයක් අමෙරිකාවෙන් අසාදු ලේඛනයට

0
චීන සමාගම් 100කට අධික ප්‍රමාණයක් අමෙරිකාවෙන් අසාදු ලේඛනයට

චීන සමාගම් 100කට අධික ප්‍රමාණයක් අමෙරිකාවෙන් අසාදු ලේඛනයට

මානව හිමිකම් කඩකිරීමේ චෝදනා හේතුවෙන් චීන සමාගම් ඉලක්ක කරමින් ජාත්‍යන්තර සම්බාධක හා වෙළෙඳ සීමා පැනවීමත් සමඟ චීනයේ බලහත්කාර ශ්‍රම භාවිතයේ අර්බුදය යළි ගෝලීය අවධානයට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහි සැලකිය යුතු පියවරක් ලෙස මේ වනවිට අමෙරිකාව විසින් චීන සමාගම් 100කට අධික ප්‍රමාණයක් අසාදු ලේඛනයට ඇතුළත් කර ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

බලහත්කාර ශ්‍රම භාවිතය සම්බන්ධව චෝදනා ලැබූ පොලිසිලිකන්, රෙදිපිළි හා තාක්කාලි මිශ්‍රන වැනි නිෂ්පාදන සිදුකරන චීන සමාගම් රැසකටද අමෙරිකාව තුළ සිය භාණ්ඩ අලෙවිය තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

චීනයේ ෂිංජියැන් ප්‍රාන්තයේ උයිගර් ප්‍රජාව බලහත්කාර ලෙස කම්කරු සේවයේ යොදවන බවට එල්ල වූ චෝදනා මත අමෙරිකාවේ සෙනෙට් සභාව විසින් සම්මත කරගත් උයිගර් බලහත්කාර කම්කරු සේවය වැළැක්වීමේ පනත යටතේ එම තහනම සිදු කර ඇතැයිද, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල් රැසක්ද ඒ හා සමාන ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එවැනි චෝදනා තහවුරු වුවහොත් ඊට එරෙහිව අපරාධ පනත යටතේ නඩු පැවැරීමේ හැකියාව ඇති බවත් වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com