සීක් මුස්ලිම් ජනයා විසින් සහජීවනයට පූර්වාදර්ශයක්

0
හින්දු – මුස්ලිම් සහජීවනයට පූර්වාදර්ශයක්

හින්දු – මුස්ලිම් සහජීවනයට පූර්වාදර්ශයක්

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ මලෙර්කොට්ලා නුවර සික් ප්‍රජාව ඉස්ලාම් දේවස්ථානයක් ඉදි කිරිම සඳහා අක්කර ගණනාවක ඉඩමක් පරිත්‍යාග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හින්දු – මුස්ලිම් සහජීවනයට පූර්වාදර්ශයක් සපයමින් සිදු කළ එම සද්කාර්යය ඉන්දියාවේ ඉස්ලාම් විරෝධය තුරන් කිරීමට හේතු වනු ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඉස්ලාම් දේවස්ථානයක් ඉදි කිරිමට ඉඩමක් පරිත්‍යාග කිරීමෙන් නොනැවතුණු මලෙර්කොට්ලා සික් මුස්ලිම් ප්‍රජාව එම දේවස්ථානයේ ඉදි කිරීම් සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවටද එක්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මලෙර්කොට්ලා නුවරට යාබද උමර්බාද් සහ අමර්ගාත් නගරවල මුස්ලිම් ජනතාවට සිය වන්දනාමාන සඳහා වසර ගණනාවක් පුරා දේවස්ථානයක අඩුවක් පැවැති බවත්, ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ඉස්ලාම් දේවස්ථානයක් ඉදි කිරීමට අවශ්‍ය ඉඩම් කැබැල්ල පරිත්‍යාග කිරීමට කටයුතු කළ බවත් මලෙර්කොට්ලා නුවර සික් මුස්ලිම් ජාතිකයන් ප්‍රකාශ කළ බවද වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com