සෞදි අරාබියෙන් ‘මිලාෆ් කෝලා’(Milaf Cola) නමින් රටඉඳි වලින් හැදූ ලොව ප්‍රථම සිසිල් බීමක්

0
සෞදි අරාබියෙන් ‘මිලාෆ් කෝලා’(Milaf Cola) නමින් රටඉඳි වලින් හැදූ ලොව ප්‍රථම සිසිල් බීම

සෞදි අරාබියෙන් ‘මිලාෆ් කෝලා’(Milaf Cola) නමින් රටඉඳි වලින් හැදූ ලොව ප්‍රථම සිසිල් බීම

ජාත්‍යන්තර වෙළෙඳපල තුළ රැල්ලක් ඇති කිරීම අරමුණු කර ගනිමින් සෞදි අරාබියෙන් ‘මිලාෆ් කෝලා’(Milaf Cola) නමින් කෝලා බීම වර්ගයක් හදුන්වා දෙයි.

රටඉඳි වලින් ලබාගත් විප්ලවීය සෞඛ්‍ය පානයක් වන “Milaf Cola” රසවත්, පෝෂ්‍යදායී විකල්පයක් සොයන සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන පාරිභෝගිකයින්ට මෙම උද්යෝගිමත් නව පානය අළුත් අත්දැකීමක් වනු ඇත.

එසේම මිලාෆ් කෝලා සම්පූර්ණයෙන්ම සීනිවලින් තොරවීම කැපී පෙනේ. රටඉඳි වලින් සාදන ලද ලොව ප්‍රථම සිසිල් බීම ‘මිලාෆ් කෝලා’ ලෙස නම් කර ඇත.

මිලාෆ් කෝලා යනු ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතාව සහ තත්ත්ව ප්‍රමිතීන් සපුරාලන බව සහතික කරමින් දැඩි පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිඵලයකින් හදුන්වා දෙන බීම වර්ගයකි.

සෞදි කෘෂිකර්ම අමාත්‍ය Abdulrahman Al-Fadley සහ Thurath Al-Madina සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Bander Al-Qahtani විසින් මෙම බීම වර්ගය එළිදැක්වීම සිදු කරන ලද්දේ රියාද් දින උත්සවයේදී ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com