රුසියා හා සිරියා ජෙට් යානා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් 25 දෙනෙකු ජීවිතක්ෂයට
වයඹදිග සිරියාවේ ඇලේප්පෝ හා ඉඩ්ලිබ් වෙත මෙම ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම ප්‍රහාර වලින් පසුගිය දිනවල කැරලිකරුවන් අත්පත් කර ගත් නගර කිහිපයක බලය යළි අත්පත් කරගත් බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙලෙස එල්ල කළ එක් ප්‍රහාරයක් ඉඩ්ලිබ් නගර මධ්‍යයේ ජනාකීර්ණ නේවාසික ප්‍රදේශයකට එල්ල වූ බව එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
තුර්කි දේශසීමාව ආසන්නයේ කැරලිකරුවන් වාසය කරන විශාලතම නගරය ඉඩ්ලිබ් හි මිලියන හතරක පමණ ජනතාවක් තාවකාලික කූඩාරම්වල ජීවත්වන බවයි සඳහන් වන්නේ.
එම ප්‍රහාරයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තිබෙන බවට සඳහන්.
මේ අතර පසුගිය නොවැම්බර් 27දා සිට සිරියානු හා රුසියානු ප්‍රහාරවලින් මියගිය මුළු සංඛ්‍යාව 56ක් වන අතර කුඩා දරුවන් 20 දෙනෙකු එහි සිට තිබෙන බවටයි සඳහන් වන්නේ.