පාකිස්ථානයේ ඇති වූ ගැටුම්වලින් දින 10ය තුළදී 124 දෙනෙක් ජීවිතක්ෂයට

0
පාකිස්ථානයේ ඇති වූ ගැටුම්වලින් දින 10ය තුළදී 124ක් ජීවිතක්ෂයට

පාකිස්ථානයේ ඇති වූ ගැටුම්වලින් දින 10ය තුළදී 124ක් ජීවිතක්ෂයට

වයඹදිග පාකිස්ථානයේ සුන්නි හා ෂියා කණ්ඩායම් අතර හටගෙන ඇති ගැටුම් හේතුවෙන් පසුගිය දින 10ය තුළදී පුද්ගලයින් 124 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය දින දෙක තුලදී පමණක් ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

පකිස්ථානය සුන්නි බහුතරයක් සිටින රටක් වුවද ඇෆ්ගනිස්තාන දේශසීමා ආසන්නයේ පිහිටා ඇති කයිබර් පක්තුන්ක්වා පළාතේ කුරම් දිස්ත්‍රික්කයේ විශාල ෂියා ජනග්‍රහණයක් වාසය කරනවා.

දශක ගණනාවක් පුරා එම ප්‍රදේශයේ සුන්නි හා ෂියා ප්‍රජාවන් අතර ගැටුම් පවතිනවා.
පසුගිය සතියේදී නව ගැටුම් ආරම්භ වුයේ පොලිස් ආරක්ෂාව යටතේ ගමන් කරමින් සිටි ෂියා බැතිමතුන් රැගත් රථ පෙළකට එල්ල කළ ප්‍රහාරයක් සමගයි. එහිදී 40 කට වැඩි පිරිසක් මිය ගියා.

එතැන් සිට පසුගිය දින 10ය පුරා සැහැල්ලු සහ බර අවි යොදාගනිමින් සටන් පවතින අතර, මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ප්‍රධාන මාර්ග වසා දමා ජංගම දුරකථන සේවා අත්හිටවීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

දෙපාර්ශවය අතර දැඩි විශ්වාසයක් නොමැති අතර, ගැටුම් නැවැත්වීමට රජයේ නියෝග පිළිපැදීමට කිසිඳු කණ්ඩායමක් කැමත්තක් නොමැති බව රජයේ බලධාරීන් පවසනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com