ජපාන ආධාර තොගයක් කටුනායක ගුවන් තොටුපොළට

0
ජපාන ආධාර තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත

ජපාන ආධාර තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත

ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සඳහා වූ ආයතනයේ මැදි වීම මත අද (29)දින කටුනායක ගුවන් තොටුපොළ ගෝල්ඩ් රූට් පර්යන්තයේ පැවති උත්සවයකදී, ගුවන් තොටුපොළ නිලධාරීන් වෙත භාර දීම සිදු කර තිබෙනවා.

මෙම පරිත්‍යාග අතර ගිලන් රථ, කසළ ප්‍රවාහන ට්‍රක් රථ, ස්වයංක්‍රීය පැටවීම සිදු කළ හැකි කසළ බදුන්, නවතම සී.-2 තාක්ෂණයෙන් යුතු ගුවන් මගීන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ පරිලෝකන යන්ත්‍ර (Scanners), ගුවන් භාණ්ඩ පරීක්ෂා කිරීමේ පරිලෝකන යන්ත්‍ර (Baggage Scanners), වැසිකිළි පද්ධති, වෛද්‍ය උපකරණ, ආගමන විගමන නිලධාරීන් සඳහා විද්‍යුත් ආගමන විගමන කවුළු සඳහා අවශ්‍ය උපකරණ (Electronic Gate), ගුවන් මගීන්ගේ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමේ පරිලෝකන යන්ත්‍ර (Passport Scanners) සහ ගුවන් තොටුපොළ විවිධ ස්ථාන වල තොරතුරු ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිතා කරන ඩිජිටල් පුවරුද ඒ අතර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙසේ ලබා දුන් ආධාර වලින් කොටසක් මාලදිවයින සහ කොළඹ වරාය වෙතද ලබා දීමට නියමිත බවයි සඳහන් වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com