ජලාශ භාර ඉන්ජිනේරුවන්ගේ සහ තාක්ෂණික නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉන්ජිනේරුවන්ගේ සහ තාක්ෂණික නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය අද දින (27) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.
ඒ අනුව, මහවැලි අධිකාරියේ නිලධාරීන්ට තම ප්‍රදේශවල ආපදාවන්ට පත් ජනතාවට සහන සැලසීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය සහය ලබා දෙන ලෙස දන්වා තිබේ.
එම නිවේදනය පහතින් දැක්වේ.