සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනි අවි ගැන විගණනයක්
බොරු ප්‍රචාරයක් ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්
සිවිල් වැසියන්ට නිකුත් කර ඇති ගිනි අවි සම්බන්ධයෙන් විගණන කටයුතු ආරම්භ වී තිබේ.
ඒ වෙනුවෙන් විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මකයි.
ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, විගණනයෙන් පසු හඳුනා ගන්නා පුද්ගලයින්ට යළි ගිනි අවි භාරදීමට පියවර ගන්නා බවයි.
මේ අතර, ගිනි අවි ලබා ගෙන ඇති පුද්ගලයින් ගිනි අවි භාර දීම සම්බන්ධයෙන් යොමු කර ඇති අභියාචනා විභාග කිරීමද, මේ වන විට සිදුකෙරේ.
ඒ අනුව දෛනිකව අභියාචනා 50 ක් පමණ සලකා බැලෙන බව, ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.




