විදෙස් ශ්‍රමිකයන්ගේ වාහන බලපත්‍රයේත් අක්‍රමිකතා – ජාතික විගණන කාර්යාලය

0
විදෙස් ශ්‍රමිකයන්ගේ වාහන බලපත්‍රයේත් අක්‍රමිකතා - ජාතික විගණන කාර්යාලය

විදෙස් ශ්‍රමිකයන්ගේ වාහන බලපත්‍රයේත් අක්‍රමිකතා - ජාතික විගණන කාර්යාලය

විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා විද්‍යුත් වාහන ගෙන්වීමට ලබාදී තිබූ බලපත්‍ර දහසක අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඒ සම්බන්ධයෙන් වූ වාර්තාවක් මේ වන විටත් පාර්ලිමේන්තුවට භාරදී ඇති බවයි එම කාර්යාලය පවසන්නේ.

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් විද්‍යුත් වාහන ගෙන්වීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් පසුගිය රජය සමයේ ආරම්භ කරනු ලැබුවා. ඒ සඳහා සුදුසුකම් ලබන විගමනික ශ්‍රමිකයන් සඳහා ඇමෙරිකා ඩොලර් විසිපන් දහසක උපරිමයකට යටත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක්ද ඇමෙරිකා ඩොලර් 65,000ක උපරිමයට යටත්ය රෝද 04 කින් යුත් පූර්ණ විද්‍යාත් වාහනයක්ද ආනයනය කිරීමට අවස්ථාව සළසා දී තිබුණා.

කෙසේ වෙතත් මෙතෙක් නිකුත් කර ඇති එවැනි බලපත්‍ර දහසකට ආසන්න සංඛ්‍යාවක් අවභාවිත වී ඇති බවයි ජාතික විගණන කාර්යාලය සිදු කළ විශේෂ විගණනයකදී අනාවරණය වී තිබෙන්නේ.මේ නිසා සුදුසුකම් ලැබූ විදෙස්ගත ශ්‍රමිකයින් විශාල පිරිසකට එම අවස්ථාව අහිමි වී තිබෙනවා. එමෙන්ම මෙම වැඩපිළිවෙලේදී තවත් අක්‍රමිකතා රැසක්ද සිදු වී ඇති බවයි ජාතික විගණන කාර්යාලය පවසන්නේ.

ඊට අදාළ විශේෂ විගණන වාර්තාවක් විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට භාර දී තිබෙනවා.
ඒ හරහා රජයට නිර්දේශ ගණනාවක්ද ඉදිරිපත් කර ඇති බවයි ජාතික විගණන කාර්යාලය පවසන්නේ.

මේ අතර තරුණ තරුණියන් විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී පසුගිය රජය විසින් සිදු කර ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන්ද තම රජය කටයුතු කරන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර මහතා පවසනවා.

ඊශ්‍රායල් සහ කොරියා රැකියා ලබාදීමේදී තරුණ තරුණියන්ට බොහෝ පීඩාවලට ලක්වීමට සිදු වූ බවත ඔවුන්ට සාධාරණය ඉටු කිරීමට රජයක් වශයෙන් කැපවී සිටින බවයි ඒ මහතා සදහන් කළේ.

කන්තලේ ප්‍රදේශයේ සංචාරයක් සදහා සහභාගී වෙමින් ඒ මහතා මේ බව සදහන් කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com