විදෙ­ස් ප්‍රේෂ­ණ­වල විශාල වර්ධ­න­යක් – ශ්‍රී ලංකා මහ බැංකුව

0
විදෙ­ස් ප්‍රේෂ­ණ­වල විශාල වර්ධ­න­යක් - ශ්‍රී ලංකා මහ බැංකුව

විදෙ­ස් ප්‍රේෂ­ණ­වල විශාල වර්ධ­න­යක් - ශ්‍රී ලංකා මහ බැංකුව

විදෙ­ස්ගත ශ්‍රී ලාංකි­ක­යන්ගේ ප්‍රේෂ­ණ­වල විශාල වර්ධ­න­යක් පෙන්නුම් කර­මින් මේ වසරේ පළමු කාර්තු තුනක කාලයේ දී රුපි­යල් කෝටි 141,444ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 4,844) විදෙස් ප්‍රේෂණ ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

ඒ අනුව පසු­ගිය 2023 වසරේ මුල් මාස නව­යක කාලයේ දී අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 4,345ක විදෙස් ප්‍රේෂණ මෙර­ටට ලැබී තිබෙන අතර, ඒ අනුව මේ වසරේ එම කාලයේ දී ප්‍රේෂ­ණ­වල සිය­යට 11.5ක වර්ධ­න­යක් පෙන්නුම් කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නව­තම වාර්තා­වක් මඟින් පෙන්වා දෙයි.

මේ වසරේ අගෝස්තු මාසයේ දී වාර්තා වූ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 577ක ප්‍රේෂණ අග­යට සාපේ­ක්ෂව සැප්තැ­ම්බර් මාසයේ දී පම­ණක් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 556ක විදෙස් ප්‍රේෂණ ප්‍රමා­ණ­යක් මෙර­ටට ලැබී තිබෙන අතර එම මාසයේ දී පහළ යාමක් බවද මහ බැංකුව කියයි. කෙසේ වුවද පසු­ගිය 2023 වසරේ සැප්තැ­ම්බර් මාසයේ දී වාර්තා කළ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 482ට සාපේ­ක්ෂව සැල­කිය යුතු වර්ධ­න­යක් බවද කියා සිටී.

කෙසේ වුවද මේ වසරේ මාර්තු මාසයේ සිට මාසික විදේශ සේවා නියු­ක්ති­ක­යන්ගේ ප්‍රේෂණ එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 500ක අගය ඉක්මවා තිබීමද විශේ­ෂ­ත්ව­යකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com