පුටින්ගෙන් උතුරු කොරියාවට තෑගි

පුටින්ගෙන් උතුරු කොරියාවට සතුන් 70කට වැඩි සංඛ්‍යාවක් තෑගි
රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් උතුරු කොරියාවේ ප්‍රධාන සත්ත්වෝද්‍යානයට සිංහයෙකු සහ දුඹුරු වලසුන් දෙදෙනෙකු ඇතුළු සතුන් 70කට වැඩි සංඛ්‍යාවක් තෑගි කර තිබෙනවා.
රුසියා පරිසර අමාත්‍යවරයා විසින් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකින් උතුරු කොරියා අගනුවර වෙත මෙම සතුන් රැගෙන ගොස් තිබෙනවා.
යුක්‍රේනය සඳහා සටන් කිරීම සඳහා උතුරු කොරියාව දහස් ගණන් හමුදා යවා ඇති බවට ඇමෙරිකාව හා දකුණු කොරියාව චෝදනා කිරීමෙන් සති කිහිපයකින් පසුව මෙම පරිත්‍යාග සිදු කිරීමද විශේෂත්වයක්.
මේ වසර මුලදීද රුසියා ජනාධිපතිවරයා උතුරු කොරියා නායක කිම් ජොන් උන් වෙත අභිජනන අශ්වයන් 24ක් පරිත්‍යාග කළා.