ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩො. මිලියන 200ක ණයක්
ආසියානු සංවර්ධන බැංකුව මගින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් ලබා දීමට අනුමත කර තිබේ.
ආසියානු සංවර්ධන බැංකුව 2023දී අනුමත කරන ලද
මෙම ණය වාරිකයට අදාළ දෙවැනි වාරිකයයි මේ.
මූල්‍ය අංශයේ පාලනය වැඩිදියුණු කිරීම, මූල්‍ය ආයතනවල ධාරිතාව ඉහළ නැංවීම සහ තිරසාර ආර්ථික වර්ධනයට දායක වෙමින් මූල්‍ය පද්ධතියට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම මෙමගින් අපේක්ෂා කරයි.