තමිල්නාඩු මහඇමැතිගෙන් ඉන්දීය විදේශ ඇමැතිට ලංකාව ගැන ලියමනක්
තමිල්නාඩුවේ ධීවරයින්ව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමේ නවතම සිදුවීම් දෙකක් පිළිබඳව තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්ගේ අවධානය යොමු කර තිබේ.
මේ සදහා කඩිනම් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ලිපියක ලියමින් මිල්නාඩු මහ ඇමතිවරයා මෙම ඉල්ලීම සිදු කර ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම් වාර ගණන වැඩි වීම ගැන ස්ටාලින් දැඩි කනස්සල්ල පළ කර ඇති අතර, මේ හරහා ධීවරයින්ගේ ජීවනෝපාය කඩාකප්පල් වී ඔවුන්ගේ පවුල්වලට දැඩි දුෂ්කරතා ඇති වී ඇති බව සඳහන් කළේය.
“නොවැම්බර් 9වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රාමේෂ්වරම් ප්‍රදේශයේ සිට යාන්ත්‍රික ධීවර බෝට්ටු දෙකක සහ ලියාපදිංචි නොකළ යාත්‍රාවක සිටි ධීවරයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. දින කිහිපයකට පසු, නොවැම්බර් 12වන දින, ධීවරයින් 12 දෙනෙකු සමඟ නාගපට්නම් සිට තවත් බෝට්ටුවක්ද අත්අඩංගුවට ගන්නා ලදී,” ස්ටාලින් සිය ලිපියේ සදහන් කොට ඇත.
2024 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රඳවාගෙන සිටින තමිල්නාඩු ධීවරයින් සංඛ්‍යාව වසර හතකට පසු ඉහළම අගය බව මහ ඇමැතිවරයා පෙන්වා දී තිබේ.