චීනයේ වාර්ෂික නව බලශක්ති වාහන නිෂ්පාදනය මිලියන 10ක් ඉක්මවයි

0
චීනයේ වාර්ෂික නව බලශක්ති වාහන නිෂ්පාදනය මිලියන 10ක් ඉක්මවයි

චීනයේ වාර්ෂික නව බලශක්ති වාහන නිෂ්පාදනය මිලියන 10ක් ඉක්මවයි

චීනයේ වාර්ෂික නව බලශක්ති වාහන නිෂ්පාදනය ප්‍රථම වරට මිලියන 10ක් ඉක්මවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව වාර්ෂිකව නව බලශක්ති වාහන මිලියන 10ක් නිෂ්පාදනය කරන ලොව පළමු රට බවට චීනය පත්ව ඇති බව චීන මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ එනම් බ්‍රහස්පතින්දා දිනයේදි (14) ප්‍රකාශ ප්‍රකාශ කර තිබේ.

දත්තවලට අනුව, චීනයේ නව බලශක්ති වාහන නිෂ්පාදනය සහ විකුණුම් සංඛ්‍යාන පද්ධතියට ඇතුළත් කළ පළමු වසර වන 2013දී, නිෂ්පාදන ඒකක ප්‍රමාණය සටහන් වූයේ 18000ක් ලෙසයි.

2018 වසරේදී වාර්ෂික නිෂ්පාදනය මිලියනයකට ළඟා වූ අතර 2022දී වාර්ෂික නිෂ්පාදනය මිලියන 5ක‍් ඉක්මවා ගොස් තිබේ.ඒ අනුව මේ වසරේ ප්‍රථම වරට නිෂ්පාදන ඒකක ප්‍රමාණය මිලියන 10 ඉක්මවා ගිය අතර මෙම වසර අවසන් වීමට මාස එකහමාරක් තිබියදී, පසුගිය වසරේ මුළු අගයට සාපේක්ෂව නිෂ්පාදනය 4.3% කින් වැඩි වීමද විශේෂත්වයක්.

එමෙන්ම මේ වසර අවසන් වන විට මෙම සංඛ්‍යාව මිලියන 12 ඉක්මවනු ඇතැයි විශේෂඥයෝ අනාවැකි පළකර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com