අල් කුර්ආනය පුළුස්සා දැමූ නායකයා ස්වීඩන් අධිකරණය මගින් සිරගත කෙරේ…
අන්ත දක්ෂිණාංශික ඩෙන්මාක් ස්වීඩන් දේශපාලනඥයෙකුට, අල් කුර්ආනයේ පිටපත් මුස්ලිම්වරුන් සම්බන්ධව ජනවාර්ගික කණ්ඩායමකට එරෙහිව උසිගැන්වීමේ චෝදනාව මත මෙසේ ස්වීඩන් අධිකරණය මගින් සියලු දෙනා නියමිත කර තිබේ.
රැස්මස් ප්ලුඩන් නැමැත්තා ස්විඩනයේ නඩු විභාගයකට ගිය පළමු පුද්ගලයා වන අතර, ඔහු කුර්ආනය ගිනිබත් කිරීම සම්බන්ධව දඬුවම් ලැබූ පළමු පුද්ගලයාද වේ.
රැස්මස් පලූඩන් 2022 වර්ෂයේදී ස්වීඩනයේ සංචාරයක් සඳහා ගොස් සිටි අවස්ථාවකදි කුර්ආනය ප්‍රසිද්ධියේ පුළුස්සා කෝලාහල ඇතිකර ඇති අතර, 2022 වර්ෂයේදීම ජනවාදිය කණ්ඩායමකට එරෙහිව උසිගැන්වීම සම්බන්ධයෙන්ද නඩු පවරන්නන් විසින් ඔහුට චෝදනා කර ඇත.තවද එහිදී ඔහු විසින් මුස්ලිම්වරුන්ට නින්දා අපහාස වන ලෙස අදහස් පල කර ඇති සේම, ශුද්ධ වූ අල් කුර්ආනයද අපකීර්තියට පත් කර පුළුස්සා දමා ඇත.
මෙහිදි ඔහුට එල්ල වූ දෙවන චොදනාව වුයේ අරාබිවරුන් හා අප්‍රිකානුවන් සම්බන්ධයෙන් අවමන් සහගත ප්‍රකාශ නිකුත් කිරිමයි.මැල්මා දිස්ත්‍රික් අධිකරණය මගින් ප්‍රකාශ කලේ, පලුඩන් විසින් රැස්වීම් වලදි මුස්ලිම්වරුන් හා අනිකුත් අය කෙරෙහි පිළිකුල් සහගත ප්‍රකාශ කිරිම, ඉස්ලාමය විවේචනය කිරිම ඇතුළු ඔහුගේ එම ක්‍රියාවන් දේශපාලන ප්‍රචාරණයක් ලෙස කිසිසේත්ම සමාව දිය නොහැකි බවයි.
විනිසුරු නික්ලස් සොඩර්බර් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, ” ප්‍රසිද්ධියේ විවේචනය කිරිමට අවසර ඇත, එනම් උදාහරණයක් ලෙස ඉස්ලාමය හා මුස්ලිම්වරුන් පවා ප්‍රසිද්ධියේ විවේචනය කිරිමට අවසර ඇති මුත් කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සඳහා හෝ වන නිග්‍රහය පැහැදිලිවම වගකිවයුතු සීමාවන් නොඉක්මවිය යුතු බවයි, මෙවැනි අවස්ථාවන් වලදි එවැනි මොනයම් හෝ කථිකාවක් නොතිබුණු අතර මෙහිදී එම ප්‍රකාශයන් හුදෙක්ම මුස්ලිම්වරුන් අපකීර්තියට හා අපහාස කිරිමට යොදාගත් ඒවා යන්නයි”
අධිකරණය විසින් පලුඩන් වරදකරු කොට ඔහුට මාස 4 ක සිර දඩුවමක් නියම කලේය.නමුත් පලුඩන් විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුගේ එම විරෝධතාවයන් ඔහුගේ පක්ෂයක් වන ස්ට්‍රීම් කුර්ස් (Stram Kurs) සඳහා වූ ප්රචාරණයේ කොටසක් බව තර්ක කර ඇති අතර, ඔහුගේ එම විවේචනයන් ඉස්ලාමය විවේචනය කිරීම පමණක් බවත් ප්‍රකාශ කර ඇත.ඔහු විසින් ටීටී (TT) ප්රවෘත්ති ඒජන්සියට පවසා ඇත්තේ අදාල තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කරන බවයි.
තවද ඔහුගේ මෙම 2022 විරෝධතා සංචාරයෙන් පසුව 2023 ජනවාරි මාසයේදී ද ප්ලූඩන් විසින් ස්ටොක්හෝම් හි තුර්කි තානාපති කාර්යාලය ඉදිරිපිටදිද කුර්ආනයට ගිනි තැබූ අවස්ථාවේදිද ජාත්‍යන්තරව මෙම සිද්ධිය ආන්දෝලනයකට හේතු දී තිබේ.මෙම සිද්ධිය හේතුවෙන් සහෝදර රටවල් අතර තිබු සබඳතා පලඳු වූ බවට වාර්තා පල වී තිබේ.