ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උපදේශක පුහුණුකරුවෙක් පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උපදේශක පුහුණුකරුවෙක් පත් කරයි
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු දක්ෂ පිතිකරුවෙක් වන නීල් මැකෙන්සි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.
කෙටි කාලයක් සඳහා ඔහු මෙලෙස පත් කර ඇති අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සමග කටයුතු කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ධනංජය ද සිල්වා, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, මිලාන් රත්නායක, කසුන් රාජිත සහ ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයින් පූර්ව තරගාවලි පුහුණුවකට ඊයේ (11) රාත්‍රීයේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිබේ.
දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 27 වනදා ආරම්භ වීමට නියමිතයි.