චීනය Huangyan දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ සීමා මායිම් ප්‍රසිද්ධ කරයි
 
                චීනය Huangyan දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ සීමා මායිම් ප්‍රසිද්ධ කරයි
චීන රජය Huangyan දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ සීමා මායිම් ලකුණු අද දිනයේදි (10) ප්‍රසිද්ධ කර තිබෙනවා.
ඒ පිලිපීනය නිකුත් කළ ‘මුහුදු කලාප පනත’ට එරෙහි ප්‍රතිචාරයක් ලෙසයි.
Huangyan දූපත තමන්ට අයත් භූමියක් බවයි චීනය පවසන්නේ.
චීන රජය එක්සත් ජාතීන්ගේ සාගර නීති ගිවිසුම ඇතුළු ජාත්‍යන්තර නීති හා චීන මහජන සමූහාණ්ඩුවේ දේශ සීමා නීතිවලට අනුව Huangyan දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ සීමා මායිම් ප්‍රසිද්ධ කිරීම, සිය සාගර පාලනය නීත්‍යනුකූලව ශක්තිමත් කිරීමේ විධිමත් පියවරක් බවත්, එය ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර රෙගුලාසීන්ට අනුකූල වන බවත් චීනය පවසනවා.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        