ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ හා ලෙබනනයේ සාමාන්‍ය වැසියන් 100කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට

0
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ හා ලෙබනනයේ සාමාන්‍ය වැසියන් 100කට අධික සංඛ්‍යාවක් මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ හා ලෙබනනයේ සාමාන්‍ය වැසියන් 100කට අධික සංඛ්‍යාවක් මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයන්ගෙන් ඊයේ (07) දිනයේ දී පමණක් ගාසා තීරයේ හා ලෙබනනයේ සාමාන්‍ය වැසියන් සියයකට අධික සංඛ්‍යාවක් ඝාතනයට පත්ව තිබෙනවා.

ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයන්ගෙන් ඊයේ (07) දිනයේදී සාමාන්‍ය වැසියන් පනහකට අධික සංඛ්‍යාවක් ඝාතනය පත්වූ බවයි හමාස් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

උතුරු ගාසා තීරයේ පමණක් ඝාතනයට පත්ව ඇති සංඛ්‍යාව 42ක් බවද වාර්තා වනවා.

මේ අතර ලෙබනනය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 53 දෙනෙකු ඝාතනයට පත්ව තවත් 161 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ලෙබනන සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

එමෙන්ම ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ජගත් සාමසාධක හමුදාවට අයත් මැලේසියා ජාතික සාමසාධක හමුදා භටයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවද ජගත් සංවිධානය නිවේදනය කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com