විශේෂඥ වෛද්‍ය සාෆි සියලු චෝදනාවලින් නිදහස්

0
විශේෂඥ වෛද්‍ය සාෆි සියලු චෝදනාවලින් නිදහස් කරයි

විශේෂඥ වෛද්‍ය සාෆි සියලු චෝදනාවලින් නිදහස් කරයි

සිංහල බෞද්ධ මවුවරුන් 4000ක පමණ පිරිසකට වඳ සැත්කම් කරන ලදැයි චෝදනා එල්ල වී තිබූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂහාබ්දීන් මොහොමඩ් සාෆි මහතා සියලුම චෝදනාවලින් නිදහස් කිරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා අද දින (06) නියම කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ, වෛද්‍යවරයාට එරෙහිව ගොනුකර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වීමත්, නඩුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති වීමත් සැළකිල්ලට ගෙන නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඔහු නිදොස් කොට නිදහස් කරන බවයි.

සිසේරියන් සැත්කම් මගින් කාන්තාවන් විශාල පිරිසක් වඳභාවයට පත් කළේ යැයි එල්ල කරන ලද චෝදනාවලට අනුව සිදු කරන ලද විශේෂඥ වෛද්‍ය පරීක්ෂණ වාර්තා අනුව ඔවුන් විත්තිකාර වෛද්‍යවරයාගේ සැත්කම් නිසාම වඳභාවයට පත්ව ඇති බවට සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ලැබී නොමැති බවද මහේස්ත්‍රාත්වරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ ය.

විත්තිකාර වෛද්‍යවරයාට එරෙහිව කාන්තාවන් 768 දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනයේදී වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, රෝහලේ සුළු සේවක සේවිකාවන් ඇතුළු 138ක පමණ පිරිසකගෙන්ද ප්‍රකාශ ලබා ගැණුනි.

විශේෂඥ වෛද්‍ය සාෆි වෙනුවෙන් නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com