පූජිත් හා හේමසිරිට එරෙහි පාස්කු නඩුව යළි කැඳවීමට නියෝග

0
පූජිත් හා හේමසිරිට එරෙහි පාස්කු නඩුව යළි කැඳවීමට නියෝගයක්

පූජිත් හා හේමසිරිට එරෙහි පාස්කු නඩුව යළි කැඳවීමට නියෝගයක්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් යළි අධිකරණයට කැඳවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (05) නියම කළා.

ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම, මිනීමැරුම ඇතුළු චෝදනා මොවුන්ට එල්ලවී තිබු අතර එම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා අභියාචනයක් ඉදිරිපත් කර තිබුනි.

එය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුවට අදාළ විත්ති වාචකය කැඳවීමට පියවර ගන්නා ලෙස නියම කලේය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරා තිබු අතර එම නඩු විභාග කළ ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව එම විත්තිකරුවන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කර තිබුණා.

එම තීරණය එරෙහිවයි නීතිපතිවරයා මෙම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණේ.

නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම නඩු විභාගයේදී මහාධිකරණය විසින් විත්තිවාචකය කැඳවීය යුතුව තිබූ බවයි.

ඒ අනුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com