හොංකොං සික්සස් ශූරතාව ශ්‍රී ලංකාවට

0
හොංකොං සික්සස් ශූරතාව ශ්‍රී ලංකා කණ්ඩායමට

හොංකොං සික්සස් ශූරතාව ශ්‍රී ලංකා කණ්ඩායමට

වසර 07කට පසු පැවැත් වූ හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

අද (03) පැවැති අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 3.5කදී සියලුදෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 72ක් පමණි.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය කඩුලු 3ක් දැවී තිබියදී තරගයේ 5වැනි පන්දුවාරයේදී පසුකර යාමට සමත්විය.

මෙම තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර, අවසන් වරට මීට වසර 17කට පෙර එනම් 2007 වසරේදී ශූරතාවක් දිනා තිබුණි. ඊට අමතරව 1993 සහ 2004 වසරවලදී අනුශූරතාවද දිනා තිබේ.

හොංකොං ක්‍රිකට් සංගමයේ අධීක්ෂණය යටතේ 1992 වසරේ ආරම්භ වූ මෙම තරගාවලියට වසර 32කට (1992 සිට) වැඩි අතීතයක් හිමියි.

කෙසේ නමුත් 2017 වසරෙන් පසු මෙය පැවැත් වූ පළමු අවස්ථාව මෙය වන අතර මෙම තරගාවලියට කණ්ඩායම් 12ක් ක්‍රීඩා කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com