කටුනායක හා ස්විට්සර්ලන්තය අතර සෘජු ගුවන් ගමන් ඇරඹේ

0
කටුනායක සහ ස්විට්සර්ලන්තය අතර සෘජු ගුවන් ගමන් අරඹයි

කටුනායක සහ ස්විට්සර්ලන්තය අතර සෘජු ගුවන් ගමන් අරඹයි

ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් කටුනායක සහ ස්විට්සර්ලන්තය අතර නව ගුවන් සේවාවක් ඊයේ දිනයේ (01) ආරම්භ කෙරුණි.

Edelweiss ගුවන් සේවයට අයත් අදාළ යානය ඊයේ මෙරටට පැමිණියේ සංචාරකයින් 251 දෙනෙකුද සමගය.

ශීත ඍතුව එළැඹීමත් සමග ස්විට්සර්ලන්තයේ සුරික් සහ කටුනායක අතර ආරම්භ වූ නව ගුවන් සේවයේ මංගල ගුවන් යානය ලෙස Edelweiss ගුවන් සේවයේ WK68 දරන A 330 වර්ගයේ යානයක් මෙලෙස දිවයිනට පැමිණියේය.

සෑම සිකුරාදා දිනකම ස්විට්සර්ලන්තයේ සූරික් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා පියාසර කෙරෙන මෙම යානය එදිනම සූරික් වෙත ගමන් කරන්නේ මාලදිවයිනේ මාලේ අගනුවර හරහාය.

මෙම සේවාව ලබන වසරේ ජනවාරි සිට සතියකට දින දෙකක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ගුවන්තොටුපොළ නිලධාරීන් ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com