ඊශ්‍රායලයේ නව “අයන් බීම්” මිසයිල ආරක්ෂක පද්ධතිය

0
ඊශ්‍රායලයේ නව "අයන් බීම්" මිසයිල ආරක්ෂක පද්ධතිය

ඊශ්‍රායලයේ නව "අයන් බීම්" මිසයිල ආරක්ෂක පද්ධතිය

ඊශ්‍රායලය උතුරු ගාසා තීරය ඉලක්ක කරමින් එල්ලකළ ප්‍රහාර ද්විත්වයකින් පුද්ගලයින් 84 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අතරින් පනස් දෙනෙකු දරුවන් වන අතර විදෙස් මාධ්‍ය මෙය හඳුන්වන්නේ මිලේච්ඡ සමූහ ඝාතනයක් ලෙසය. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මේ වනවිට ගාසා තීරයේ පලස්තීන ජාතිකයින් 43,000 ඉක්මවූ පිරිසක් ජාතීන්ගේ පත්ව ඇති අතර ඉන් 16,000 ඉක්මවූ පිරිසක් දරුවන්ය.

මේ අතර ඉරානය, නුදුරු දිනකදී ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බව ඊශ්‍රායල බුද්ධි අංශයට තොරතුරු ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩ්‍රෝන සහ බැලිස්ටික් මිසයිල යොදා ගනිමින් ඉරාක භූමියේ සිට ඊශ්‍රායලය ඉලක්ක කිරීම ඉරානයේ සැලසුම් වී ඇතැයි සඳහන්ය. ඉරානය, ඉරාකයේ සිට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරන්නේ, ඊශ්‍රායලය ඉරානයේ හමුදා මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ලකිරීම වැළැක්වීමේ අරමුණින් විය හැකි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එමෙන්ම මැදපෙරදිග කලාපයේ අමතර හමුදා සේනාංක, යුද නෞකා සහ ගුවන්යානා යෙදවීමට අමෙරිකාව පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මැදපෙරදිග යුද අවදානම තීව්‍ර වෙමින් පවතින අවස්ථාවක ඊශ්‍රායලයේ නව මිසයිල ආරක්ෂක පද්ධතිය මෙහෙයුම් සඳහා යෙදවීමට ඊශ්‍රායලය සූදානමින් සිටින බව සඳහන්ය. අයන් බීම් නම් මෙම මිසයිල ආරක්ෂක පද්ධතිය සතුරු මිසයිල ප්‍රහාර වළක්වන්නේ අධි බලැති ලේසර් කිරණ මගිනි.

මීටර් සිය ගණනක සිට කිලෝමීටර කිහිපයක් දක්වා පරාසයක ආලෝකයේ වේගයෙන් එම ලේසර් කිරණ ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com