ඇමරිකාවෙන් යුක්‍රේනයට තවත් ඩො.මි 425ක යුද ආධාර පැකේජයක්

0
ඇමරිකාවෙන් යුක්‍රේනයට තවත් ඩො.මි 425ක යුද ආධාර පැකේජයක්

ඇමරිකාවෙන් යුක්‍රේනයට තවත් ඩො.මි 425ක යුද ආධාර පැකේජයක්

ඇමරිකාව යුක්‍රේනයට ඩොලර් මිලියන 425ක තවත් යුද ආධාර ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

උතුරු කොරියානු හමුදා භටයන් 10,000ක් රුසියානු හමුදාවන්ට සහාය දීමට පැමිණීමත් සමග ඇමරිකාව යුක්‍රේනයට අතිරේක ඩොලර් මිලියන 425ක යුද ආධාර යවන බව නිවේදනය කළා.

ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පසුගිය සතියේ යුක්‍රේනයේ කළ සංචාරයේදී තවත් ආධාර ඉදිරියේදී ලබාදෙන බව පවසා තිබුණා.

මෙම ආධාර පැකේජයට මිසයිල සඳහා වන ගුවන් ආරක්ෂක පද්ධති, අධි සංචලන කාලතුවක්කු රොකට් පද්ධති සහ මිලිමීටර් 155 කාලතුවක්කු සහ සන්නද්ධ වාහන මෙන්ම යුද ටැංකි නාශක අවිද ඇතුළත්.

මේ අතර යුක්‍රේනයේ නැඟෙනහිර නගර රැසකට රුසියානු මිසයිල ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා. ඔක්තෝබර් අග (31) සිට එල්ල වන ප්‍රහාරවලින් මහල් නිවාස සංකීර්ණයක තුන් දෙනෙකුද ජිවිතක්ෂයට පත් වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com