රනිල් වික්‍රමසිංහ වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය

0
රනිල් වික්‍රමසිංහ වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ අවසරය

රනිල් වික්‍රමසිංහ වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ අවසරය

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සමක වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.

අදාළ පත්කිරීම අභියෝගයට ලක් කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ගොනුකළ පෙත්සමක් අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබුණා.

පෙත්සම මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට අවසර දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම ලබන නොවැම්බර් මස 11 වනදා කැඳවීමටද නියම කර තිබුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com