ගතවූ මාස 9ක කාලය තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් 67ක් අත්අඩංගුවට

0
මිලියන 55ක් වංචා කළ වෛද්‍යවරයෙක් CID අත්අඩංගුවට

මිලියන 55ක් වංචා කළ වෛද්‍යවරයෙක් CID අත්අඩංගුවට

මාස 9ක් තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ, අදාළ කාලය තුළ වැටලීම් 81ක් සිදුකර ඇති බවයි.

අදාළ කාලය තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3,045ක්, ඒ අතර, අල්ලස් පැමිණිලි 259ක්, දූෂණ පැමිණිලි 466ක් හා අයුතු වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් පැමිණීලි 86ක් වෙයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ, ප්‍රමාණවත් කරුණු නොතිබීම හා අල්ලස් පණතට අදාළ නොවීම හේතුවෙන් අදාළ කාලය තුළ ලැබී ඇති පැමිණිලි අතරින් 810ක් පිළිබඳ විමර්ශනය නොකිරීම සඳහා නියෝග ලැබී ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com