ලෙබ­න­නයේ මාධ්‍ය­වේ­දීන් 3 දෙනෙකු ඊශ්‍රා­යල ප්‍රහා­ර­යෙන් ඝාතනයට පත්වේ.

ලෙබ­න­නයේ මාධ්‍ය­වේ­දියෝ 3ක් ඊශ්‍රා­යල ප්‍රහා­ර­යෙන් මරුට

ලෙබ­න­නයේ මාධ්‍ය­වේ­දියෝ 3ක් ඊශ්‍රා­යල ප්‍රහා­ර­යෙන් මරුට

දකුණු ලෙබ­න­නයේ යුද ගැටුම් වාර්තා කර­මින් සිටි මාධ්‍ය­වේ­දීන් තිදෙ­නකු ඊශ්‍රා­යල ගුවන් ප්‍රහා­ර­ය­කින් ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රා­යල ගුවන් ප්‍රහා­රය එල්ල වී ඇත්තේ විවිධ මාධ්‍ය ආය­තන 7ක අයත් මාධ්‍ය­වේ­දීන් 12කට වැඩි පිරි­සක් නවා­තැන් ගෙන සිටි ගොඩ­නැ­ඟි­ල්ල­කට බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඊශ්‍රා­යල ප්‍රහා­ර­යෙන් ජීවි­ත­ක්ෂ­යට පත්වූයේ එරට රූප­වා­හිනි ආය­තන දෙක­කට අයත් මාධ්‍ය­වේ­දීන් වන අතර, එය වුව­ම­නා­වෙන් සිදු කළ යුද අප­රා­ධ­යක් බවට ලෙබ­න­නයේ තොර­තුරු හා තාක්ෂණ ඇමැති ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ. මාධ්‍ය­වේ­දීන්ගේ මරණ සම්බ­න්ධව ඊශ්‍රා­යල හමු­දාව කිසිදු ප්‍රකා­ශ­යක් සිදු කර නැති අතර, මාධ්‍ය­වේ­දීන් ඉලක්ක කර­මින් ප්‍රහාර එල්ල නොක­රන බවට මීට පෙර සහ­තික කර තිබූ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

ඊශ්‍රා­යල ගුවන් ප්‍රහා­ර­යෙන් තවත් මාධ්‍ය­වේ­දීන් තිදෙ­නකු තුවාල ලැබූ බවද වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *