ප්‍රහාරයේ තොරතුරු එළි කිරීම මගින් ඇමෙරිකාවේ යටි අරමුණ හිතාමතාම ආණ්ඩුව අමාරුවේ දැමීමක්ද???

ලංකාවේ ආණ්ඩුව ඔවුනට ලැබුණ බුද්ධි අංශ තොරතුරු වලට අනුව මාධ්‍ය ඔස්සේ ප්‍රහාරය පිලිබඳ තොරතුරු එළි නොකර සියලු ආරක්ෂාවන් තර කරමින් සැක කටයුතු පුද්ගලයන් දෙදෙනකුද අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇමරිකාව විසින් මෙය මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කළේ ලංකාවේ සංචාරක කර්මාන්තය කඩා බෙදා දැමීමටද? එසේත් නැත්නම් ලංකාවේ ජාතික සමගිය නැවත වරක් විනාශ කිරීමටද?
අපි අවධානය යොමු කරමු 2019 පාස්කු ප්‍රහාරයත් ඊට පසු හා ඊට පෙර ලංකාවේ ස්ථාවරත්වයත් පිළිබඳව.
2010න් පසුව ලංකාවේ නව යුගයකට අවතීර්ණ වුණා, එම යුගය ඔබට මතකයි නම් රාජපක්ෂලා විසින් පාලනය කරේ දරුණු ආකාරයට ඒත් ඒ හා සමගම මේ කාලයේ ආණ්ඩුවට එරෙහි ජනතා නැගීමක් දක්නට ලැබුනා. ඒ ජනතාවට පීඩාවන ආර්ථිකයෙන් යුක්තිය ඉල්ලමිනුයි.නමුත් මෙම ජනතා නැගිටීමට ප්‍රතිපක්ෂව රාජපක්ෂලා ඇති කරපු ප්‍රවණතාවය වූයේ ජාතික සමගිය නැති කිරීම හා යුද්ධයෙන් මර්ධනය කරනු දෙමළ සතුරා වෙනුවට මුස්ලිම් සතුරාව පෙන්වාදීමයි.මෙම ක්‍රියාවලියට ඔවුන් දේශීයව මෙන්ම ජාත්‍යන්තරවත් සහයෝගය ලබා ගත්තා.අද වන විට එළිවී තිබෙන තොරතුරු වලට අනුව සුරේෂ් අලේ යන පුද්ගලයන් විසින් ඔවුන්ගේ අනුග්‍රහය හා නිරීක්ෂණය යටතේම ආරක්ෂක අංශවල නිරීක්ෂණයද ඇතුලුව විවිධ ප්‍රදේශවල ජාතිවාදී කණ්ඩායම් ඇති කිරීමට සමත් වුණා. රට අභ්‍යන්තරයේ මේ ආකාරයෙන් කඩාකප්පල් වන විට 2018 වර්ෂයේදී අපේ සංචාරක කර්මාන්තයට උදව් වූයේ යහපත් කාලයක්.සංචාරක දත්ත වලට අනුව ඩොලර් බිලියන 4.8 අටක සංචාරක ආදායමක් ලංකාවට ලැබුණේ 2018 අවුරුද්දේ.නමුත් 2018 ඔක්තෝම්බර් මසින් පසුව මෙම ආදායම පහළ බැසීමට හේතු වුණා,එසේ ආදායම් අහිමි විමට ප්‍රධානම හේතු වූයේ ආණ්ඩුක්‍රම විරෝධී කුමන්ත්‍රණ නිසා රටේ දේශපාලන අස්ථාවරත්වයයි.එම කාලයේ ලංකාව තුළ සිදුවූ බොහෝ හෝටල් වෙන් කිරීම් පවා ලංකාවට අහිමි වූවා.
2019 දී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන පහක සංචාරක කර්මාන්ත ආදායමක් බලාපොරොත්තු ඌ නමුත් 2019 සත්‍ය ආදායම වූයේ ඩොලර් බිලියන 3.61 යි.එයට ප්‍රධාන හේතු වූයේ වසරේ මුල් මාස තුනේ සංචාරක ව්‍යාපාරය ආදායම නැග්මත් සමඟම 2019 අප්‍රේල් සිදුවූ පාස්කු ප්‍රහාරය සමඟ හෝටල් ඇතුළු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කඩා වැටීමයි.නමුත් එම අවස්ථාව වන විට ලංකාව පත්ව සිටියේ ලෝකයේ අංක එකේ සංචාරක කර්මාන්තය බවටයි ඒ ඇල්ල හා ආරුගම්බයද ඇතුළුවයි.නමුත් පාස්කු ප්‍රහාරයෙන් පසු කොවිඩ් හේතුවෙන් මිලියන 680 සංචාරකයන් පිරිසකුත්, 2022 වර්ෂයේ ඩොලර් බිලියන 1.3 වැඩිවීමක් සිදුවූ නමුත් 2023 වර්ෂයේදී එය ඩොලර් බිලියණ් 2 දක්වා වැඩිවීමක් දක්නට ලැබුණා.2024 වර්ෂයේ අප බලාපොරොත්තු වූයේ එය ඩොලර් බිලියන 3 දක්වාත් , 2025 දි ඩොලර් බිලියන 4 දක්වා ගෙනගොස් එය 2018 වර්ශයට සම කිරිමටයි.ලංකාවේ ජාත්‍යන්තර ණය ගෙවීමට නම් අවුරුද්දක් පාසා අපේ සංචාරක ආදායම වැඩිකර ගත යුතුය.මුළු ලෝකයම සංචාරකයන් අප පිළිගත යුතුය.
2024 දී ඊශ්‍රායල සංචාරකයන් 20000 පමණ සංචාරකයන් පැමිණියත් ඒ මුළු සංචාරකයන් මිලියන 1න් ප්‍රමාණයෙන් බොහෝ අඩු ගණනක්. නමුත් ඊශ්‍රායලයට වඩා සංචාරකයන් ලංකාවට පැමිණියේ මුළු ලොකයේ සතර කොනෙන්.
මුළු අවුරුද්දක් මුළුල්ලේ ජන සංහාරක යුද්ධයක් පවතින ඊශ්‍රායලය වැනි රටකින් සාමාන්‍ය ජනතාව නොව ඊශ්‍රායල යුද්ධයේ විශ්‍රාම ගත් පුද්ගලයන්, ඊශ්‍රායලය යුද්ධය අතරමග විවේක ගන්නා පුද්ගලයන් මෙන්ම යුද්ධයේ සුළු සුළු තුවාල හේතුවෙන්ද පුද්ගලයින් ලංකාවේ දිගු කලක් පදිංචි වී සිටිම බෝහෝ අනිකුත් රටවල් වල සංචාරකයන්ගේ පිලිකුලට හේතු වුවා සේම බොහො රටවල් ලංකාවේ තම සංචාරක වෙන් කිරිම් පවා අහෝසි කිරිමට පෙලබුනා.
එමෙන්ම ඊශ්‍රායල පුද්ගලයන් විසින් ඔවුන්ගේ සියොන් වාදය මේ රටේ ප්‍රවර්ධනය කිරීමද සිදුවූවා එ මඟින් ලංකාවට වූ ප්‍රබලම හානිය සිදු වුයේ ලංකාවේ සංචාරක කර්මාන්තයටයි.
ඒ අතරම පසුගිය සතියේ අවදානම් නිවේදනය හමුවේ ආණ්ඩුව බුද්ධියෙන් කටයුතු කළා සේම අත්අඩංගුවට ගැනීමද සිදුවූවා නමුත් අප රටේ ආරක්ෂක හේතූන් නිසා චෙක් පොයින්ට් මගින් සෝදිසි කිරිම් සිදු කිරීමත් හදිසි දුරකථන අංකයන් හඳුන්වාදීමත් නිසා අප රටේ ප්‍රධානම සැකය හැර වෙන්නේ ලංකාවේ මුස්ලිම් ජනතාවටයි.මෙය ලංකාවේ විතරක් නොව මුළු ලෝකයේ බොහෝ රටවල්වල පවා මෙවනි තත්ත්වයන් හමුවේ මූලිකවම ජාතිවාදී තත්ත්වය තුළ ප්‍රථමව පීඩාවට පත්වනුයේ මුස්ලිම් ජනතාව බව නොඅනුමානයි.ශ්‍රී ලංකාව ගැන ගත්විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගෙන් සියයට සීයයක්ම මුස්ලිම් ජනතාව තම ඡන්දය භාවිතා කළේ එක මිටක් එක රටක් වෙනුවෙන් ජාතිවාදය නැති සහෝදරත්වය දෑත් වෙනුවෙනුයි. එවන් තත්ත්වයක් තුළ ලංකාවේ සංචාරකයන් ආරක්ෂා කිරිමේ වගකිම තුල කොහෙදෝ රටක සිටින සියොන්වාදි ඊශ්‍රායල පුද්ගලයන් නිසා ඔවුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට රාජ්‍යයම් ලෙස අපේ ආරක්ෂක අංශයට ක්‍රියාත්මක වීමට සිදුවනවා නම් එයින් අප රටේ අපේම සහෝදර මුස්ලිම් ජනතාව නැවතත් පීඩාවට පත් වේවිද? පළමුව අපේ ආරක්ෂාව අප රටේ මුස්ලිම් ජනාතාව වෙනුවෙනුයි.
නමුත් අද වන විට රට තුළ පවතින ඊශ්‍රායල ඉදිකිරීම් වලට අවසර දුන්නේ කවුද? ජන ඝාතක යුද්දයේ සිටින පුද්ගලයන් මෙරටට ගෙන්වා විවේක ගැන්වීමට කටයුතු සිදු කළේ කවුද? හරින් ප්‍රනාන්දුලා විසින් ක්‍රියාත්මක කරන ලද මෙවැනි ක්‍රියා අනිවාර්යම අප රටේ නැවැත්විය යුතුයි.නැවැත්විමට කටයුතු කල යුතුයි.
පලස්තීනය යනු ශ්‍රී ලංකාව සමඟ එක්ව සිටගත් රටක් වන්නා සේන මැද පෙරදිග රටවල් වල පවා ශ්‍රී ලංකාවට දිගුකර ඇත්තේ සහෝදරත්වයේ දෑතයි.නමුත් ප්‍රශ්නය වනුයේ ලංකාවෙ ආණ්ඩුව විසින් සෑම දෙයක්ම පාලනය කරන මොහොතක ඇමෙරිකාව විසින් මෙම ආකාරයට අන්තිම මොහොතේ මේ නිවේදනය නිකුත් කළේ ඇයි??
ලංකාවෙ ආණ්ඩුව අසරණ කළේ ඇයි???
ඉදිරි මාස 4 අප ලංකාවේ බලාපොරොත්තුව වුයේ ඉහළම සංචාරකයන් ප්‍රමාණයක් , ඒ වෙනුවෙන් සංචාරක කර්මාන්තයට අයත් නව අලුත්වැඩියා බොහෝයි.නමුත් මෙම අනතුරු ඇඟවීම නිසා ගෝලීයවම ලංකාවට ලොකු බලපෑමක් සිදුවූවා.ඊශ්‍රායල පලස්තීන යුද්ධය පිළිකුල් කරන බොහෝ දෙනෙක් මේ හේතුවෙල් ලංකාවේ සංචාරය කිරීමට අකැමැත්ත ප්‍රකාශ කරමින් සිටින අතර ලංකාවේ වෙන් කිරිම් බෝහෝමයක්ද අහෝසි වෙනින් පවතී.
මේ මගින් ඇමරිකාව බලාපොරොත්තු වූයේ ඊශ්‍රායල ජාතිකයන්ට ආරක්ෂාව සැලැස්වීමද???
නමුත් එයින් අප රටේ මුස්ලිම් ජනතාවට වැඩි බලපෑමක් සිදු විමට ඉඩ ඇතු බව නොරහසක්.ආරුගම්බේ යනු මුස්ලිම් ජනතාව බහුලව සිටින ප්‍රදේශයක්. එම ප්‍රදේශ වලින් අප මුස්ලිම් ජනතාව අයින් කිරිමට බලපෑම් කිරිමටද පුලුවන් හේතුව ඊශ්‍රායල ජාතිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන්….
ලංකාවේ මුස්ලිම් ජාතිකයන් අති බහුතරයක් සාමාන්‍ය ලෙස අදත් ඉතිහාසයේ ජීවත් වුණා.සැමදා සෑම විටම අප රටේ පුරවැසියන් අපට වැදගත්.අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ යුධ අපරාධී වුවමනාවන් මත හෝ යුද පාලනයන් හේතුවෙන් ලංකාවට කිසිම බලපෑමක් සිදුවිය යුතු නැති බවයි.එය අප ආණ්ඩුව සතු වගකීමක්.ලංකාවේ පුරවැසියන්ගේ ආරක්‍ෂාව ලංකාවේ ආණ්ඩුව සතුයි.
ඇමරිකාවේ එකම බලාපොරොත්තුව අප රටේ සංචාරක කර්මාන්තය කඩා වැට්ටවීම වීමටත් පුළුවන්. එසේත් නොමැති නම් ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට එරෙහිව කරන බලපෑම් හා හිතුවක්කාර ක්‍රියා කලාපය නැවැත්විමට ශ්‍රී ලංකාව ඇතුළු රට රටවල් ගණනාවක් අත්සන් කරනු ලැබූ ලිපියද…. කෙසේ නමුත් ජන ඝාතක යුද්ධයේ බලපෑම් අප රටට සිදු නොවිය යුතු අතර අප රටේ සංචාරක කර්මාන්තයද බිද දැමිමට ඉඩ නොතැබිය යුතුයි…

උපුටා ගැනිම – තරිඳු උඩුදුවගෙදර

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *