ශ්‍රී ලංකාව තුළ ආර­ක්ෂාව තහ­වුරුයි – ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය

ශ්‍රී ලංකාව තුළ ආර­ක්ෂාව තහ­වුරු කර තිබෙ­නවා – ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය

ශ්‍රී ලංකාව තුළ ආර­ක්ෂාව තහ­වුරු කර තිබෙ­නවා – ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය

ශ්‍රී ලංකාව තුළ ආර­ක්ෂාව නිසි ලෙස සම්පූර්ණ කර තිබීම හේතු­වෙන් විදේ­ශීය සංචා­ර­ක­යන් සඳහා ගම­නාන්ත සියල්ල විවෘත බව ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය අව­ධා­ර­ණය කරයි.

ඒ අනුව මෙරට සංචා­රය කිරී­මේදී අනි­යත බියක් ඇති කර ගත යුතු නොමැති අතර මෙරට සංචා­රක ගම­නාන්ත සිය­ල්ලම ආර­ක්‍ෂිත බව සහ එම ගම­නාන්ත සියල්ල සංචා­ර­ක­යන් සඳහා විවෘත බවට ජාත්‍ය­න්තර ප්‍රජාව දැනු­වත් කිරීම සඳහා පිය­වර ගෙන ඇති බවද ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති බුද්ධික හේවා­ව­සම් මහතා පව­සයි.

මෑත­කදී මෙර­ටට පැමිණි කිසිදු විදේ­ශීය සංචා­ර­ක­ය­කුට ආර­ක්‍ෂාව සම්බ­න්ධ­යෙන් ගැට­ලු­වක් මතුවී නොමැති බව පෙන්වා­දෙන ඒ මහතා මේ දින­වල ඊශ්‍රා­යල් සංචා­ර­ක­යන් විශාල පිරි­සක් මෙරට තුළ නොමැති බවද ලංකාවේ සංචා­ර­ක­යන්ගේ ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් ක්‍රියා­මාර්ග ගෙන තිබෙන බවද කියා සිටී.

ඊශ්‍රා­ය­ලය, මැද­පෙ­ර­දිග කලා­පයේ හමාස් සහ හිස්බුල්ලා සංවි­ධා­න­යට එරෙ­හිව සිදු කරනු ලබන ප්‍රහා­ර­ව­ලට පළි­ගැ­නී­මක් ලෙස මෙර­ටට පැමිණ සිටින ඊශ්‍රා­යල් ජාති­ක­යන් ඉලක්ක කර ආරු­ගම්බේ ප්‍රදේ­ශයේ ප්‍රහා­ර­යක් සැල­සුම් කර ඇති බවට කොළඹ පිහිටි අමෙ­රි­කානු තානා­පති කාර්යා­ලය පසු­ගි­යදා ප්‍රථම වරට කරුණු අනා­ව­රණ කළ අතර එම නිවේ­ද­නය පද­නම් කර ගනි­මින් බ්‍රිතාන්‍ය, නව­සී­ල­න්තය, ඔස්ට්‍රේ­ලි­යාව, කැන­ඩාව සහ රුසි­යාවද ශ්‍රී ලංකාව සඳහා වන සංචා­රක උප­දෙස් මාලා­වක් යාව­ත්කා­ලීන කිරි­මට පිය­වර ගත්තේය.

මේ සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කර­මින් ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය රටේ ආර­ක්ෂාව සහ­තික කර තිබෙන බව ප්‍රකාශ කර තිබෙන අතර විදෙස් සංචා­ර­ක­යන්ට මෙරට සංචා­රය කිරී­මේදී කිසිඳු ගැට­ලු­වක් ඇති නොවන බවද පවසා සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *