රන්ජන්ගේ නාමයොජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා පෙත්සමක්

රන්ජන්ගේ නාමයොජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා පෙත්සමක්

රන්ජන්ගේ නාමයොජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා පෙත්සමක්

ඉදිරි මහ මැතිවරණයට එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි

ගම්පහ දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ.එම්. මහින්ද සේනානායක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයින්, රන්ජන් රාමනායක, ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *