පාලන මිලට සහල් නිකුත් කරන්නේදැයි විමර්ශනයක්

පාලන මිලට සහල් නිකුත් කරන්නේදැයි විමර්ශනයක්

පාලන මිලට සහල් නිකුත් කරන්නේදැයි විමර්ශනයක්

පාලන මිලට වෙළෙඳපොළට සහල් නිකුත් කරන්නේදැයි යන්න විමර්ශන ආරම්භ කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් එම්.එම්. නයිමුඩීන් මහතා සඳහන් කළේ, පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇති බවයි.

රුපියල් 218ක මිලකට නාඩු සහල් කිලෝග්‍රෑමයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී සහල් මෝල් හිමියන් පසුගියදා එකඟතාව පළ කළේය.

ඒ අනුව රුපියල් 220ක මිලකට නාඩු සහල් වෙළෙඳපොළේ අලෙවි කිරීමට හැකියාව ලැබෙන බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන ස්ථාන හඳුනාගෙන නීතිමය පියවර ගන්නා බවද වෙළඳ අමාත්‍යාංශය අවධාරණය කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *