ජනාධිපති දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් හා මියන්මාර තානාපති හමුවේ

ජනාධිපති දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සහ මියන්මාර තානාපති හමුවේ

ජනාධිපති දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සහ මියන්මාර තානාපති හමුවේ

දිවයිනට පැමිණ සිටින සංචාරකයින්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වන විටත් තහවුරු කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවස‍යි.

ජනාධිපතිවරයා එය තහවුරු කළේ, රටවල් කිහිපයක මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් ජනාධිපති කාර්යාලයේදී,අද දිනයේ (25) හමුවෙමින් පසුවයි.

ජනාධිපතිවරයා පළමුව හමුවුණේ, දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ශෝක් මහතායි. මහ කොමසාරිස්වරයා, එහිදී දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා මහතාගේ සුබ පැතුම්ද ජනාධිපතිවරයාට පිරිනමනු ලැබුවේය. දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක සාම සහ ජාතික ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය, ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සහය දෙන බවද, මහ කොමසාරිස්වරයා එහිදී ප්‍රකාශ කළේය.

මියන්මාර තානාපති මාලර් තන් ටයික් මහත්මියද, අද (25)පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවිය. මිනිස් ජාවාරම්කරුවන් මියන්මාරයේ රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, තානාපතිවරිය සමග දීර්ඝව සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකාව සමඟ පවතින 75වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් තහවුරු කරගැනීමට මියන්මාර රජය කැපවී සිටින බවද, තානාපතිවරිය ප්‍රකාශ කළේය.

කෘෂිකර්ම, අධ්‍යාපන සහ සංස්කෘතික කේෂත්‍රවල ප්‍රවර්ධනය වෙනුවෙන් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ වැදගත්කමද, තානාපතිවරිය එහිදී පෙන්වා දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *