ඊශ්‍රායල හමුදාව සති 2කදී ලෙබනනයේ සිදුකළ හානිය වසරක යුද්ධයට වඩා වැඩියි

ඊශ්‍රායල හමුදාව සති 2කදී ලෙබනනයේ සිදුකළ හානිය වසරක යුද්ධයට වඩා වැඩියි

ඊශ්‍රායල හමුදාව සති 2කදී ලෙබනනයේ සිදුකළ හානිය වසරක යුද්ධයට වඩා වැඩියි

හෙස්බුල්ලා සංවිධානය සමඟ වසරකට ආසන්න කාලයක් දේශසීමා ආසන්නයේ යුද්ධයෙන් සිදුවූ විනාශයට වඩා විශාල හානියක් පසුගිය දෙසතියේදී ඊශ්‍රායල හමුදාවෙන් ලෙබනනයට එල්ල වූ දරුණු බෝම්බ ප්‍රහාරමාලාවෙන් සිදුවී ඇතැයි චන්ද්‍රිකා තාක්ෂණික රේඩාර් දත්තවලින් පැහැදිලි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය 2වැනිදා සිට 14වැනිදා දක්වා කාලය ඇතුළත ලෙබනනයේ ගොඩනැඟිලි 3,600කට වඩා විනාශ වි ඇතැයිද, එය වසරක කාලයක් හෙස්බුල්ලා සංවිධානය හා ඊශ්‍රායල හමුදාව අතර දේශසීමා ආසන්නයේ පැවති යුදගැටුම් සිදුවූ ඇස්තමේන්තුගත හානියෙන් 54%ක ප්‍රමාණයක් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අමෙරිකාවේ නිව්යෝක් සිටි විශ්වවිද්‍යාලයේ සහ ඔරිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තා පදනම් කරමින් චන්ද්‍රිකා තාක්ෂණයෙන් ගනු ලැබූ ඡායාරූපවලට අනුව ලෙබනනයේ සිදුවී ඇති විනාශය පැහැදිලිව දැකගත හැකි බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *