අතිරික්ත වාහන යළි භාර දෙන්නැයි මහින්ද හා රනිල්ට දැනුම් දෙයි

අතිරික්ත වාහන යළි භාර දෙන්නැයි මහින්ද හා රනිල්ට දැනුම් දෙයි

අතිරික්ත වාහන යළි භාර දෙන්නැයි මහින්ද හා රනිල්ට දැනුම් දෙයි

තමන් සතුව ඇති අතිරික්ත රජයේ වාහන යළි භාරදෙන්නැයි මහින්ද රජපක්ෂ මහතාට සහ රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරයේ තිබූ රජයේ වාහන 8ක් යළි භාරදී ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

තවත් රජයේ වාහන 8ක් මහින්ද රාජපක්ෂ මහතා භාරයේ පවතින බව නිවේදනයක් නිකුත් කරමින්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරයේ රජයේ වාහන 11ක් මේ වන විට පවතින බවද, එම නිවේදනයේ සඳහන් වේ.

එහි දැක්වෙන්නේ 1986 අංක 04 දරණ ජනාධිපතිවරයාගේ හිමිකම් පනත අනුව, මහින්ද රජපක්ෂ මහතාට හා රනිල් වික්‍රමසිංහ මහතාට ඔවුන් සතුව ඇති අතිරික්ත වාහන යළි භාරදෙන්නැයි, දැනුම්දී ඇති බවය.

හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමි කර නොමැති බවද, එම නිවේදනයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *