සාම සාධක හමුදාව ‍ලෙබනනයෙන් ඉවත් කරන්නේ නෑ – එ.ජාතීන්ගේ මහලේකම්

සාම සාධක හමුදාව ‍ලෙබනනයෙන් ඉවත් කරන්නේ නෑ - එ.ජාතීන්ගේ මහලේකම්

සාම සාධක හමුදාව ‍ලෙබනනයෙන් ඉවත් කරන්නේ නෑ - එ.ජාතීන්ගේ මහලේකම්

දකුණු ලෙබනනයේ ස්ථානගත වී සිටින එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා කඳවුරු වෙත ඊශ්‍රායලයෙන් ප්‍රහාර එල්ල වූවද සිය හමුදාව ඉවත් කර නොගන්නා බවත්, තවදුරටත් සාම සාධක හමුදාවට සහාය පළ කරන බවත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායලයේ නම සඳහන් කිරීමකින් තොරව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පෙරේදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සහ ඔවුන්ගේ කඳවුරුවල ආරක්ෂාව හා රැකවරණය සම්බන්ධව සියලු පාර්ශ්ව ගරු කළ යුතු බවය.

දකුණු ලෙබනනයේ රාජකාරියේ නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව වහාම ඉවත් කරගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගියදා එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටාරෙස්ගෙන් ඉල්ලීමක්ද කර තිබිණි. ඊශ්‍රායලයෙන් එවැනි පීඩනයක් එල්ල වුවද, දකුණු ලෙබනනයෙන් සාම සාධක හමුදාව ඉවත් කර ගැනීමේ කිසිදු අදහසක් නැති බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *