උපුල් තරංගට නිකුත් කළ වරෙන්තුව වළකාලමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනමක්

උපුල් තරංගට නිකුත් කළ වරෙන්තුව වළකමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනමක්

උපුල් තරංගට නිකුත් කළ වරෙන්තුව වළකමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනමක්

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංගව අත්අඩංගුවට ගන්නා ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත්කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද දිනයේ (16) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

උපුල් තරංග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා මාතලේ මහාධිකරණය ඔක්තෝබර් 8වැනිදා වරෙන්තු නිකුත් කිරීමට නියෝග කරන ලදී.

ඒ, මහනුවර පල්ලෙකැලේ මෑතකදී පැවැති “ලෙජන්ඩ් ක්‍රිකට් ට්‍රෝෆි” තරගාවලියේදී තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා කරමින් ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකරුවකු වූ අමිත් පටෙල් හෙවත් යෝගී පටෙල්ට එරෙහිව ගොනුකර ඇති නඩුවකට සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම යන හේතුවෙනි.

අධිකරණයට දැනුම්දීමකින් තොරව උපුල් තරංග විදෙස් ගතවීම හේතුවෙන් ඔහුව ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගන්නැයි එම වරෙන්තුව නිකුත් කර තිබුණි.

ඒ අනුව, අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවට අනුව උපුල් තරංග මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් සහ පී.කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (16) මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.

පෙත්සම්කාර උපුල් තරංග මහතා අත්අඩංගුවට නොගන්න ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින පොලිස්පතිවරයා සහ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශයේ නිලධාරීන්ටද මෙහිදී තවත් නියෝගයක් නිකුත් කෙරුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *